ග්‍රාම නිලධාරී 807හේනමුල්ල

අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/02/05 දින දීය.

 

ඉතිහාසය

කුරුණෑගල නගරයට ඉතා ආසන්නයේ නගරයට නිරිතදිගින් පිහිටි මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය ගම්මාන දෙකකින් සමන්විතය. එනම් අමුණවත්ත හා හේනමුල්ල යි. මෙම ගම්මාන පිළිබදව ‍ෛඑතිහාසික වශයෙන් වැදගත් තොරතුරු මෙතෙක් අනාවරනය වී නොමැති අතර දැනට එම තොරතුර විමර්ශනය කරමින් යයි.

සංස්කෘතිකමය වටිනාකම්

කුරුණෑගල රාජධානියේ පිහිටි ප්‍රධාන දේවාල හතරෙන් එකක් වන වීරමුණ්ඩ බණ්ඩාර දේවාලය පිහිටා අත්තේ මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේය. දඹදිව මලිවරා දේශයෙන් තම සොහොයුරන් දෙදෙනකු ද පිරිවර 500 ක් දෙනාද සමග නැව් නැග ලක්දිව දෙවුන්දර පෙදෙසින් ගොඩබැස ලක්දිව දෙවිවරුනට බල පෙන්වා ක්‍රම යෙන් විල්බාවට පැමිණ පත්තිනි මෑණියන්ට තම තේජස් පෙන්වීම පිණිස විල්බාවේ වෙලෙන් එගොඩ මෙ ගොඩ තිබූ තල් ගස් දෙකක් එකට අඹරා අනතුරුව එම දේවිය සමග අං කෙලි ක්‍රීඩාවේ යෙදී ඇයද පර දවා එම අංකෙලිය පැවති රුප්පාවේ (ඉඩමේ) මෙම දේවාලය ඉදිකර ඇත.

ගමට නම් පට බැදීම

මෙම ගමට නම් පට බැදීම සම්භන්ධයෙන් ජනප්‍රවාද හෝ වෙනත් තොරතුරක් දැනට සොයාගත නොහැකි අතර මෑත කාලීන ජන ප්‍රවාදයක් ඇත.

 

   

 01. අතීතයේ කුරුණෑගල නගරයේ ජීවත්වූ වැසියන්ගේ හේන් ගොවිතැන් කටයුතු සදහා භාවිතා වූ හේන් පිහිටි මුල්ල පසුව හේනමුල්ල ලෙස ජනාවාසව ගමක් ලෙස ව්‍යවහාරයට පැමිණි බවට මතයක් ඇත.

මෙම මතය තහවුරු කරගත හැකි වන සාධක තවම හමුවී නැත.

පසුකාලීනව 1950 දශකයේ නගරයේ ව්‍යාපාර සහ සේවා වලට පිටස්තර ඈත ප්‍රදේශ වලින් පැමිණි වැසියන් මෙම ගමේ පදිංචිවී ජනාවාස කර ඇත. එනිසා මෙම ගමේ ජීවත් වන්නේ ප්‍රධාන වශෙයන් මුල් පදිංචිකරුවන් වන අතර ඊට අමතරව විවිධ ප්‍රදේශ වලින් පැමිණ පදිංචිවූ ජන කොටස් ද ගම තුල දක්නට දක්නට ලැබේ.

සේවයකර ඇති ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්

 01 -  බී.ජී.අප්පුහාමි මහතා (ගම්මුලාදෑනි සමය)

 02 -  පී.බී.බන්නැහැක මහතා

 03 -  මාපා මහත්මිය

 04 - 

 05 -  ඩී.එම්.ආර්.බී.දහනක මහත්මා (2002-2003)

 06 -  එච්. වැලැන්ගන්බර්ග් මහතා (2003-2008)

 07 -  ඊ.එම්. කුමාරසිංහ මහතා (2008-2009)

 08 - ආර්.එම්. සම්පත් නිලාක මහතා (2009-03-19 සිට 2015-04-19 දක්වා)  සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු 838 ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී කොට්ඨාශය

 09-එල්.ටී.ඩී.ප්‍රනාන්දු මිය (2015-04-19 සිට මේ දක්වා)


 

නරඹන්නන් අඩවියට පිවිසි වාර ගණන Website counter
අඩවියට පිවිසි අමුත්තන් ගණන Counter Stats

Make a free website with Yola