ග්‍රාම නිලධාරී 807හේනමුල්ල

අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/02/05 දින දීය.

 

........පිහිටීම........

භූමියයේ පිහි‍ටීම

මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිරගම් දහයේ බටහිර කෝරළේකුරුණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.

ප්‍රවේශ මාර්ගය

කුරුණෑගල නගරයේ සිට කොළඹ පාරේ පැමිණ කදුරුගස් හංදිය වටරවුමෙන් වමට ඇති දකුණු රවුම්පාරේ මීටර් 500ක් පමණ පැමිණ උඩවල්පොල පොදු ක්‍රීඩාංගනය අසලින් දකූණට ඇති හේනමුල්ල පටුමගේ මීටර් 500ක් පමණ පැමිණි විට හමුවන භූ ඇල පාලමට එගොඩින් හේණමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය හමුවේ.

මායිම්

  • උතුරින්:-

841 කුරුණෑගල දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශය

  • නැගෙනහිරින්:-

808 වේරබැන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය

  • දකුණින්:-

823 නයිලිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය

  • බටහිරින්:-

822 විල්බාව ග්‍රාම නිලධාරී කොට්ඨාශය

භෞතික තත්වයන්:-

මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය භූමිය වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ වසමකි. කුඩා ගෙවතු වලින් සමන්විතය,මදක් විශාල (අක්කර 5 ට වැඩි). පොල් ඉඩම් 3ක් පමණ ද දැකිය හැක කොට්ඨාශයේ නැගෙනහිර දිශාවේ වෙන්නරුවැව ජලාශයේ වාන් ඇල වන භූ ඇල පිහිටයි.නැගෙනහිර කෙළවරේ කුඹුරු යායකි. එම කුඹුරු යාය කොට්ඨාශයේ උතුරු මායිම දක්වා පැතිර යයි. කොට්ඨාශය හරි මැදින් අතුරු හා දකුණු මායිම යා කරමින් දුම්රිය මාර්ගයයි (කුරුණෑගල හා පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථාන අතර) කොට්ඨාශයේ බටහිර මායිමේ තැතින් තැන වර්ෂා ජලයෙන් වගාකරන කුඹුරු කිහිපයක් දැකිය හැකඉතිරි භූමිය ගෙවතු, හා භූ ඇල රක්ෂිතයයි.

 

 

 

 

Make a free website with Yola