ග්‍රාම නිලධාරී 807හේනමුල්ල

අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/02/05 දින දීය.

                                           ප්‍රධාන කාර්යභාරය

කොට්ඨාශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම

* කොට්ඨාශයේ ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය දිවි පෙවෙතට බාධා වෙන හෝ හානිකර වන යම් සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් හෝ සිදුවිය හැකි අවස්ථා සිදුවිම වැලැක්වීම ට කටයුතු කිරීම.

* රටේ පවත්නා නීති හා අණපණත් කඩකරන පුද්ගලයින් හෝ ආයතන පිළිබද නීතයානුකූලව කටයුතු කිරීම සදහා අදාල ආයතනයන්ට ‍තොරතුරු වාර්තා කිරීම.

ව්‍යවස්ථාපිත අණපනත් ක්‍රියාත්මක කිරීම

* ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම හා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිවැරදිව හා කාර්යක්ෂම පවත්වාගෙන යාම සදහා රජය විසින් පණවා ඇති අණපනත් හා රෙගුලාසි අනුව සේවා සැපයීම

කොට්ඨාශයේ සමාජ සුභසාධන කටයුතු පවත්වාගෙන යාම

* මහජනාධාර, ගංවතුර, ගිනිගැනීම්, සුලිසුලං, නායයෑම්, නියගය හෝ වෙනත් ආපදා වලින් මහජනතාවට සිදුවන දුෂ්කරතා වන් හිදී ක්ෂණිකව සහන සැපයිමට හා ජනතාව ආරක්ෂා කිරිමට අවහය කටයුතු සම්පාදනය කිරීම.

කොට්ඨාශයේ සියලු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය හා ‍මෙහෙයවීම

රජය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් කොට්ඨාශය තුල සිදු කරන සියලු සංවර්ධන කටයුතු නිසි පරිදි සිදු වන්නේදැයි අදීක්ෂනය කිරීම හා සම්බන්ධීකරණය කිරීම.

පුරවැසි ප්‍රඥප්තිය

සපයනු ලබන මහජන/රාජ්‍ය සේවාවන්

සේවාව ලබාදීමට ගතවන කාලය

සේවා ලාභියා විසින් සම්පූර්ණ කලයුතු අවශ්‍යතා/ඉදිරිපත් කලයුතු ලියකියවිලි

01.ග්‍රාම නිලධාරී සහතිකය

පදිංචි සහතික නිකුත් කිරීම:-

වර්ෂ‍1ක් හෝ අඩු කාලයක් සදහා ස්ථිර පදිංචිය තහවුරු කිරීම

 

වි.15

සහතිකය තිබේ නම් වි.15

තහවුරු කරගත යුතු නම් දින 03

ජාතික හැදුනුම්පත

ජාතික හැදුනුම්පත,ඉඩම් ඔප්පුව,බදු ඔප්පුව,කුලී ගිවිසුම්,විදුලිය/ජල බිල්පත්

ඡන්ද හිම් නාමලේඛනයේ නම ඇතුලත්ව තිබීම.

02.ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම.

ලේඛන වලින් තහවුරු වන්නේ නම් වි.30

ආදායම් තහවුරු කරගත යුත්තේ නම් දින 03

ඉල්ලීම් ලිපිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් ආකෘති පත්‍රය, ඉඩම් ඔප්පු,ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය,සත්ව පාලනයෙන් නම් පශු වෛද්‍ය නිර්දේශය,සමෘද්ධි කාඩ්පත,ආදායම් උපයන වාහන යන්ත්‍ර සූත්‍ර වල ලියාපදිංචි සහතික,රක්ෂණ ආවරණය,තොක්ත්‍රාත්කරුවෙකු නම් ලියාපදිංචි සහතිකය.

03.වටිනාකම් සහතික නිකුත් කිරීම රු.5000/= දක්වා

රු.5000/= වැඩි අවස්ථාවකදී ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම.

 

ලේඛන වලින් තහවුරු වන්නේ නම් වි.45

තහවුරු කරගත යුතු නම් දින 03

ඉල්ලීම් ලිපිය,දේපල වල අයිතිය තහවුරු කරන ලියකියවිලි,ඉඩමේ පිඹුරු පත,පත්ඉරුව.
04.තක්සේරු වාර්තා සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම.

ලේඛන වලින් තහවුරු වන්නේ නම් වි.45

තහවුරු කරගත යුතු නම් දින 03

ඉල්ලීම් ලිපිය,අදාල ආයතන ප්‍රධානියාගේ ලිපිය,දේපල වල අයිතිය තහවුරු කරන ලියකියවිලි,ඉඩමේ පිඹුරු පත,පත්ඉරුව,හිමිකම් වාර්තාව,නොපවරාගැනීමේ සහතිකය.
05.ජාතික හැදුනුම්පත් ලබාදීම. අයදුම්පත නිර්දේශකර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම.

මුල් වරට හැදුනුම්පත ලබාගැනීමේදී-

පු.ලි.දෙ.වි. 01 අයදුම්පත,වර්ණ ඡායාරූප 05යි,පිටපතක් සමග උප්පැන්න සහතිකයේ මුල් පිටපත,වයස අවු.16-17 අතර නම් රු.3ක මුද්දර,අවු.17ට වැඩි නම් රු.13ක මුද්දර,අවුරුදු 18ට වැඩි නම් ප්‍රමාද වීමට හේතු,රැකියාව සනාථ කරන ලිපියක්.

සංශෝධිත හැදුනුම්පතක් නම්-

පු.ලි.දෙ.වි. 08 අයදුම්පත,පැරණි හැදුනුම්පත,පැරණි හැදුනුම්පත අපහැදිලි නම් පිටපතක් සමග උප්පැන්න සහතිකය, වර්ණ ඡායාරූප 05යි,රු.15ක මුද්දර,රැකියාව සනාථ කරන ලිපියක්.

නැතිවූ/විනාශ වූ හැදුනුම්පතේ අනුපිටපතක් නම්-

පු.ලි.දෙ.වි. 07 අයදුම්පත, පොලිස් පැමිණිල්ලේ පිටපතක්,උප්පැන්න සහතිකය සමග පිටපතක්, ඡායාරූප 05යි,රු.15ක මුද්දර,රැකියාව සනාථ කරන ලිපියක්.

කඩිනමින් ලබාගැනීම සදහා ඉහත අවශ්‍යතා සමග ඉල්ලීමේ ලිපිය.

 

06.කොස් ගස් කැපීම සහන කාලය තුල එක් ගසක්

ගස් 1ට වැඩි සංඛාවක් සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම.

දින 03

 

දින 07

 

ඉල්ලීම් ලිපිය,ඉඩමේ අයිතිය තහවුරු කරන ලියකියවිලි, පිඹුරු පත,අවශ්‍යතාවය සනාථ කරන ලියකියවිලි.

ඉල්ලීම් ලිපිය,අදාල ආකෘතියේ අයදුම්පත,ඉඩමේ අයිතිය තහවුරු කරන ලියකියවිලි.

07.හෙලීම් බලපත්‍ර(අනෙකුත් දැව) ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම. දින 03 ඉල්ලීම් ලිපිය,සම්පූර්ණ කරන ලද අයදුම්පත,ඉඩමේ අයිතිය තහවුරු කරන ලියකියවිලි, පිඹුරු පත,(ඡායා පිටපතක් සමග)හවුල් ඉඩමක් නම් හවුල් අයිතිකරුවන්ගේ කැමැත්ත.

08.දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම.

දැව මුද්‍රා තැබීම.

ප්‍රවාහන බලපත් සංශෝධන සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම.

දින 07

දින 03

දින 03

ඉල්ලීම් ලිපිය,සම්පූර්ණ කරන ලද අයදුම්පත,හෙලීම් බලපත්‍රය,ඡායා පිටපත් සමග ඉඩමේ ඔප්පුව,පිඹුරු පත,දැව ලැයිස්තුව පිටපත් 03කින්,මිලදී ගැනීමේ කුවිතාන්සිය.

ප්‍රාදේශීය ලේකම් නියෝගය,අදාල ලියකියවිලි.

ඉල්ලීම් ලිපිය,ප්‍රවාහන බලපත්‍රය,පොලිස් පැමිණිල්ලේ පිටපතක්.

09.ගිනි අවි බලපත්‍ර අයදුම්පත් නිර්දේශ කිරීම. දින 03 ඉල්ලුම්පත්‍රය,ඉඩම් ඔප්පු පිටපත්,පිඹුරු පත්.

10.පුපුරණ ද්‍රව්‍ය ඉල්ලුම්පත් නිර්දේශ කිරීම.

පැරණි බලපත්‍ර අලුත් කිරීම.

අලුතින් බලපත්‍ර ලබා ගැනීම.

දින 03

ඉල්ලීම් ලිපිය,පැරණි බලපත්‍රය,පතල් හා කැණීම් කාර්යාංශයේ හා පරිසර අධිකාරියේ අනුමත ලිපි.

ඉල්ලීම් ලිපිය,අදාල අයදුම්පත,අදාල ස්ථානයේ අයිතිය තහවුරු කරන ලියකියවිලි, කැණීම් බලපත්‍රය,වෙළද බලපත්‍රය,පොලිස් වාර්තාව,පරිසර බලපත්‍රය.

11.මරණ වාර්තා ලබාදීම ස්වභාවික මරණයකදී ඒ බව සහතික කිරීම

මරණය ලියාපදිංචි කිරීම සදහා වි.උ.ම. ලේකම් වෙත වාර්තා යැවීම.

පැය 03

දින 07

අසනීපව හෝ ඔත්පලව සිටිබව තහවුරු කරන සාධක,බෙහෙත් වට්ටෝරු ආදිය.

මියගිය දිනය,ස්ථානය,මරණයට හේතුව සනාථ කිරීමට අවශ්‍ය තොරතුරු.

12.උපත් පිළිබද වාර්තා වි.උ.ම.ලේකම් වෙත වාර්තා යැවීම. දින 07 උපත සිදුවූ දිනය,ස්ථානය තහවුරු කරන සාධක දරුවාගේ මව හෝ පියා විසින් සැපයීම.
13.කල්ගතවූ උපතක්/මරණයක් ලියාපදිංචි කිරීම. දින 07

මව/පියා/නීත්‍යානුකූල භාරකරුගේ ඉල්ලීම.

උපත/මරණය/සිදුවූ දිනය,ස්ථානය සනාථ කරන සාධක සමග අදාල ආකෘතියේ අයදුම්පත.

14.මහජන ආධාර නිර්දේශය දින 03 ඉල්ලීම් ලිපිය,අදාල ආකෘති අයදුම්පත,ජාතික හැදුනුම්පත විශේෂ රෝග ආධාර නම් වෛද්‍ය නිර්දේශය.
15.ව්‍යාපාර නාම ලියාපදිංචිය දින 03 අදාල ආකෘතියේ අයදුම්පත,ජාතික හැදුනුම්පත,පළාත් පාලන ආයතනයට බදුගෙවූ කුවිතාන්සිය,ව්‍යාපාරය ආරම්භ කල දිනය පිළිබද සාධක,අදාල ස්ථානයේ අයිතිය තහවුරු කරන ලියකියවිලි,සංශෝධනයන් හෝ වසා දැමීමක් නම් ඊට අදාල තොරතුරු.
16.ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම. දින 03

අයදුම්පත දෙමාපිය භාරකරු ආදායම් තහවුරු කරන සාධක , ජාතික හැදුනුම්පත.

17.පැමිණිලි පිටපත් ලබාදීම. දින 03

අවශ්‍යතාව සදහන් ලිපියක්.

18.සත්ව ප්‍රවාහන බලපත්‍ර නිර්දේශ ලබාදීම. දින 03 සතුන්ගේ විස්තර සහිත ඉල්ලීමේ ලිපිය,පශු වෛද්‍ය වාර්තාව,සතුන්ගේ අයිතිය තහවුරු කිරීමේ ලියකියවිලි.
19.ඉඩම් අයිතිය තහවුරු කිරීම. දින 03 ඉල්ලීමේ ලිපිය,අයිතිය තහවුරු කිරීමේ ලියකියවිලි,පිඹුරු පත,පත්ඉරුව.
20.විදුලිය හා ජල පහසුකම් සදහා නිර්දේශ ලබාදීම. දින 03 අදාල අයදුම්පත පහසුකම් ඉල්ලා සිටින ස්ථානයේ අයිතිය/භුක්තිය තහවුරු කරන සාධක, ජාතික හැදුනුම්පත.

21.විස්තීරණ ආපදා:-

හදිසි ආපදා ප්‍රාදේශීය ලේකම් වෙත වාර්තා කිරීම,වියළි ආහාර,මූල්‍ය ආධාර සදහා සවිස්තර වාර්තා ඉදිරිපත් කිරීම.

වහාම

දින 03

අදාල ආකෘති පත්‍ර වලට අවශ්‍ය සත්‍ය තොරතුරු අප්‍රමාදව ලබාදීම.
22.මීරා බලපත්‍ර. දින 03 ඉල්ලීමේ ලිපිය සමග අයදුම්පත,ඉඩමේ අයිතිය/බලය පැවරීම පිලිබද ලියකියවිලි.
23.විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම. දින 03 ඉල්ලීමේ ලිපිය,අවශ්‍යතාවය තහවුරු කරන ලියකියවිලි,අදාල ආයතනයේ ලිපිය.

24.රජයේ ඉඩම් පිළිබද රාජකාරි:-

අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම,

නියමානුකූල කිරීම්,බලපත්‍ර ලබාදීම්,පැවරීම්,පසු උරුමය නම් කිරීම්,බැහැර කිරීම් හා රජයේ ඉඩම් සම්බන්ධ අනෙකුත් රාජකාරි.

වහාම

 

දින 07

ඉල්ලීමේ ලිපිය,අදාල ආකෘතියේ අයදුම්පත,පැවරීමක්,බැහැර කිරීමක්,උරුමය නම් කිරීමක් නම් වත්මන් අයිතිකරුවන්/උරුමක් කරුවන්ගේ කැමැත්ත,පැවරුම් ලාභියාගේ ආදායම් වාර්තාව,ඥාතීත්වය තහවුරු කරන ලිපි.
25.ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම. දින 07 ඉල්ලීමේ ලිපිය,අවශ්‍යතාවය සනාථ කරන සාධක,පරිසර අධිකාරියේ/පතල් හා කැණීම් කාර්යාංශයේ වාර්තා.
26.මත්පැන් බලපත්‍ර(එක් දිනකට) දින 03 ඉල්ලීමේ ලිපිය,අවශ්‍යතාවය තහවුරු කරන සාධක.
27.ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම. දින 07 විධිමත් අයදුම්පත,ආරම්භක මහසභා රැස්වීම් වාර්තාව,සාමාජික පැමිණිමේ ලේඛනය,නිලධාරී නාම ලේඛනය,අරමුදල්,බැංතු ගිණුම් පිළිබද විස්තර,පසුගිය වර්ෂයක ආදායම්/වියදම් වාර්තාව,ව්‍යවස්ථාවේ පිටපත්.
28.සාම නිලධාරී රාජකාරි. දින 03 අදාල පාර්ශවකරු ග්‍රාම නිලධාරී වෙත පැමිණ පැමිණිලි කිරීම.
     
අනෙකුත් ආයතන

  • රතන ශ්‍රී වර්ධනාරාමය, හේනමුල්ල, කුරුණෑගල.
  • සුගතරතනාරාමය, හේනමුල්ල, කුරුණෑගල.
  • ශ්‍රී මයුර දහම් පාසැල,රතන ශ්‍රී වර්ධනාරාමය, හේනමුල්ල, කුරුණෑගල.
  •  
     
     
     
    

     

     

      

Make a free website with Yola